නියෝජ්‍ය ඇමති තෙවරප්පෙරුමට නීතිය ක්‍රියාත්මක කරන්නැයි ඉල්ලා පොලිස්පතිට ලිපියක්

Monday, 04 July 2016 - 6:42

%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%AD%E0%B7%99%E0%B7%80%E0%B6%BB%E0%B6%B4%E0%B7%8A%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B7%94%E0%B6%B8%E0%B6%A7+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%BA+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E0%B6%B8%E0%B6%9A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%A7+%E0%B6%BD%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
මතුගම  - මීගහතැන්න ප්‍රාථමික විද්‍යාලයට බලහත්කාරයෙන් කඩාපැන නීතිවිරෝධීව හැසිරුනු  නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම ඇතුඵ පිරිසට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා ලංකා ගුරු සේවා සංගමය පොලිස්පතිවරයාට ලිපියක් යොමු කර තිබෙනවා.

එහි ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ පොලීසිය නියෝජ්‍ය අමාත්‍යවරයාට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකළහොත් ඉදිරියේදී දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවයි.

මීගහතැන්න ප්‍රාථමික විද්‍යාලයේ පළමු ශ්‍රේණිය සඳහා ළමයින් 10 දෙනෙකු ඇතුළත් කර නොගැනීමට විරෝධය පළ කරමින් නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම දින හතරක් උපවාසයේ නිරත වුණා.

එම උපවාසය අතරතුර, නියෝජ්‍ය අමාත්‍යවරයා ඇතුළු පිරිසක් පසුගිය බ්‍රහස්පතින්දා මීගහතැන්න ප්‍රාථමික විද්‍යාලයට බලහත්කාරයෙන් ඇතුළු වී විදුහල්පතිවරයාට තර්ජනය කළ බවටයි ගුරු සේවා සංගමය චෝදනා කළේ.

කෙසේ වෙතත්, නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම තවමත් රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා.

ඒ, උපවාසයේ නිරත වූ නියෝජ්‍ය අමාත්‍යවරයා එදින විදුහල්පතිවරයාගේ නිළ කාමරය තුළ ගෙළ වැළලාගෙන සිය දිවි හානි කර ගැනීමට ගොස් රෝගාතුර වීම හේතුවෙනුයි.

තමාට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුමද මෙලෙස හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් පළ කළා.

ඔහු කියා සිටියේ තමන් අනාගත දරු පරපුර වෙනුවෙන් ඉටුකළ සේවයක් සේ සළකන බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories