නව මහ බැංකු අධිපතිට ජනපති පත්වීම් ලිපිය භාරදෙයි

Monday, 04 July 2016 - 8:44

%E0%B6%B1%E0%B7%80+%E0%B6%B8%E0%B7%84+%E0%B6%B6%E0%B7%90%E0%B6%82%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%A7+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B7%8A+%E0%B6%BD%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%BA+%E0%B6%B7%E0%B7%8F%E0%B6%BB%E0%B6%AF%E0%B7%99%E0%B6%BA%E0%B7%92
නව මහ බැංකු අධිපතිවරයා ලෙස පත්වූ ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමිට, ඊට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් අද පෙරවරුවේ භාරදෙනු ලැබුවා.

ඒ ජනාධිපතිවරයාගේ නිල නිවසේදීයි.

එමෙන්ම ඔහු අද මහ බැංකුවේ වැඩ භාරගනු ඇති.

ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර පැවති දීර්ඝ සාකච්ඡාවකින් අනතුරුව නව මහ බැංකු අධිපතිවරයා ලෙස ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි පත් කෙරුණේ පසුගිය සෙනසුරාදායි.

66 හැවිරිදි ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි කොළඹ රාජකීය විද්‍යාලයේ සහ එංගලන්තයේ හැරෝ පාසලේ ආදි ශිෂ්‍යයෙක්.

ඔහු කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයෙන් ප්‍රථම උපාධිය හිමි කර ගත් අතර සසෙක්ස් විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලැබුවා.

1973 වසරේ ශ්‍රී ලංකා මහබැංකුවට සම්බන්ධ වූ ඔහු එහි ආර්ථික පර්යේෂණ, සංඛ්‍යාලේඛන සහ බැංකු සුපරීක්ෂණ අංශවල නිලධාරියෙකු ලෙස 1989 වසර දක්වා කටයුතු කළා.

1981 සිට 1989 වසර දක්වා මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යාංශයට අනුයුක්ත කෙරුනු ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි 1990 වසරේ සිට 2008 වසර දක්වා පොදුරාජ්‍ය මණ්ඩලීය ලේකම් කාර්යාලයට සම්බන්ධ වී එහි ආර්ථික කටයුතු අංශයේ අධ්‍යක්ෂවරයා ලෙස ද කටයුතු කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories