Update :වෛද්‍ය වර්ජනය අවසන්

Monday, 04 July 2016 - 10:25

Update+%3A%E0%B7%80%E0%B7%9B%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A


මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව සහ තවත් ඉල්ලීම් 5 ක් මුල්කරගෙන රජයේ වෛද්‍යවරුන්, හෙද හෙදියන් සහ සෞඛ්‍ය සේවකයන් අද උදෑසන 8 ට ආරම්භ කළ සංකේත වර්ජනය මීට ටික වෙලාවකට පෙර අවසන් කෙරුණා.

කෙසේ වෙතත් වර්ජනය හේතුවෙන් අද පෙරවරුවේ ප්‍රතිකාර සඳහා පැමිණි රෝගීන් දැඩි අපහසුතාවයට පත්වී සිටිනු දක්නට ලැබුනා.


----------------------------------------Update : Monday, July 4, 2016 3.45pm
මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව රජයේ වෛද්‍යවරුන්, හෙද හෙදියන් සහ සෞඛ්‍ය සේවකයන් පිරිසක් ක්‍රියාත්මක කළ පැය හතරක සංකේත වර්ජනය හේතුවෙන් දිවයින පුරා රෝහල් කටයුතු රැසකට බාධා එල්ලවුණා.

වර්ජනය හේතුවෙන් බාහිර රෝගී අංශ සහ සායනික කටයුතු මුළුමනින්ම ඇණහිට තිබූ බවයි රෝහල් අධ්‍යක්‍ෂවරුන් හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී සඳහන් කළේ.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුලූ සෞඛ්‍ය වෘත්තිය සමිති කිහිපයක් එක්ව පෙරවරු අටට ආරම්භ කළ සංකේත වර්ජනය දහවල් 12 ට අවසන් වුණා.

මෙම වර්ජනය සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට අමතරව සමස්ත ලංකා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, රජයේ දන්ත වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයද එක්ව සිටියා.

ඊට අමතරව සමස්ත ලංකා පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්ගේ සංගමය, සමස්ත ලංකා හෙද සංගමය, සුවසේවා සංගමය, වාට්ටු ලිපිකාර සංගමය සහ සමස්ත ලංකා දුරකතන ක්‍රියාකරුවන්ගේ සංගමය ද මෙම සංකේත වර්ජනයට  සහය පළ කළා.

මේ අතර අද පෙරවරුවේ දියත් කළ පැය හතරක සංකේත වර්ජනය  සාර්ථක බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද ප්‍රකාශ කළා.

මේ අතර මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව අද දහවල් රජරට, රුහුණ, ජයවර්ධනපුර, වයඹ සහ පේරාදෙණිය සරසවි ඉදිරිපිට උද්ඝෝෂණ පැවැත්වෙනවා.

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය විසිනුයි මෙම විරෝධතා සංවිධාන කෙරෙන්නේ.

මේ අතර මෙම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව සිසුන් තුන්දෙනෙකු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම හෙට යළි විභාගයට ගැනෙනවා.

මෙහි වග උත්තරකරුවන් ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුලූ පුද්ගලයින් 17 දෙනෙකු නම්කර තිබෙනවා.



ඡායාරූප - හැටන් රංජිත් රාජපක්ෂ / වන්නි රොමේෂ් මදුෂංක


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories