යාත්‍රාවක් පෙරළී හලාවතදී ධීවරයෙක් මරුට

Monday, 04 July 2016 - 11:11

%E0%B6%BA%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B7%85%E0%B7%93+%E0%B7%84%E0%B6%BD%E0%B7%8F%E0%B7%80%E0%B6%AD%E0%B6%AF%E0%B7%93+%E0%B6%B0%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
හලාවත මෝය ආසන්නයේදී යාත්‍රාවක් පෙරළීමෙන් ධීවරයෙකු අද අලූයම ජීවිතක්ෂයට පත්වුණා.

මෙලෙස මියගොස් ඇත්තේ හලාවත - වැල්ල ප්‍රදේශයේ පදිංචි 49 හැවිරිදි තිදරු පියෙක්.

මොහු තවත් ධීවරයෙකු සමඟ මසුන් ඇල්ලීම සඳහා අදාළ යාත්‍රාවෙන් ගමන් කරමින් සිටියදී මෙම අනතුරට ලක්ව තිබෙනවා.

අනෙක් ධීවරයා දිවි බේරාගෙන ඇති අතර, හලාවත මෝය ආසන්න ප්‍රදේශයේ යාත්‍රා පෙරළීමෙන් පසුගිය වසරේදීද ධීවරයින් රැසක් ජීවිතක්ෂයට පත්වුණා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories