වායු රයිෆල් පාලනය කිරීමට යයි

Monday, 04 July 2016 - 13:44

%E0%B7%80%E0%B7%8F%E0%B6%BA%E0%B7%94+%E0%B6%BB%E0%B6%BA%E0%B7%92%E0%B7%86%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
සතුන් ඝාතනය කිරීම සඳහා උපයෝගී කරගන්නා වායු රයිෆල් පාලනය කිරීම සඳහා වැඩපිළිවෙලක් සකස් කරන බව තිරසාර සංවර්ධන සහ වනජිවී අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා සඳහන් කළා.

ඒ සම්බන්ධයෙන් හෙට රැස්වන අමාත්‍ය මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කරන බවයි ඔහු හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.

සමාජජාල වෙබ් අඩවි ඔස්සේ ප්‍රසිද්ධියට පත්ව වන සතුන් දඩයම් කළ පන්විල සහ නාවල ප්‍රදේශවල පුද්ගලයන් හයදෙනෙකු පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඊයේ රක්ෂිත බන්ධනාගාර ගත කරුණා.  

වැලිමුවා, වල්ඌරා, මීමින්නා, හාවා, ඉත්තෑවා සහ දඩුලේනා ආදී වන සතුන් දඩයම් කර ආහාර පිණිස සකස් කරන ඡායාරූප ප්‍රථමයෙන් ප්‍රසිද්ධියට පත්වූයේ සමාජ ජාල වෙබ් අඩවි හරහායි.

මීට වසර 5 කට පමණ පෙර පන්විල - මඩුල්කැලේ ප්‍රදේශයේදී මොවුන් මෙම සතුන් ඝාතනය කර තිබූ බවටයි අනාවරණ වුණේ.

සැකකරුවන් සමඟ සතුන් ඝාතනය කිරීම සඳහා යොදාගත් වායු රයිෆල් දෙකක් සහ ගෑස් මගින් ක්‍රියාත්මක පිස්තෝල වර්ගයට අයත් ගිනි අවියක් ද පොලිස් භාරයට ගනු ලැබුවා.

කෙසේ වෙතත් දිගින් දිගටම රක්ෂිතවල සතුන් දඩයම් කරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා නිලධාරීන් යොදවා ඇති බවයි වනජීවී අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා සඳහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories