න්‍යෂ්ඨික අවි ජාවාරම් පිළිබඳ ජාත්‍යන්තර සමුළුව ඇරඹේ

Monday, 04 July 2016 - 13:55

%E0%B6%B1%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%82%E0%B7%8A%E0%B6%A8%E0%B7%92%E0%B6%9A+%E0%B6%85%E0%B7%80%E0%B7%92+%E0%B6%A2%E0%B7%8F%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%B6%E0%B6%B3+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB+%E0%B7%83%E0%B6%B8%E0%B7%94%E0%B7%85%E0%B7%94%E0%B7%80+%E0%B6%87%E0%B6%BB%E0%B6%B9%E0%B7%9A
නීතියේ ආධිපත්‍යය ශක්තිමත් කිරීම තුළින් ත්‍රස්තවාදය සහ අපරාධ වැළැක්විය හැකි බව පොලිස්පති පූජිත් ජයසුන්දර ප්‍රකාශ කළා.

කොළඹදී අද ආරම්භ වූ හයවන ජාත්‍යන්තර න්‍යෂ්ඨික අවි ජාවාරම් පිළිබඳ සමුළුවට එක්වෙමිනුයි පොලිස්පතිවරයා මේ බව කියා සිටියේ.

ජාත්‍යන්තර පොලීසියේ සම්බන්ධීකරණය යටතේ පැවැත්වෙන මෙම සමුළුව සඳහා බ්‍රිතාන්‍ය, ඉන්දියාව, ඇෆ්ගනිස්ථානය ඇතුලූ රටවල් 14 ක නියෝජිතයින් එක්ව සිටිනවා.

එමෙන්ම ඇමරිකා එක්සත් ජනපදයේ එෆ්.බී.අයි. කාර්යාලයේ නියෝජිතයින් පිරිසක්ද සමුළුවට සහභාගිවී සිටින බවයි පොලිස් මූලස්ථානය සඳහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories