ඇවන්ගාඩ් කපිතාන්වරයාත් යළි රක්ෂිත බන්ධනාගාරයට

Tuesday, 05 July 2016 - 10:44

%E0%B6%87%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%8F%E0%B6%A9%E0%B7%8A+%E0%B6%9A%E0%B6%B4%E0%B7%92%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%92%E0%B6%AD+%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%A7
ඇවන්ගාඩ් නෞකාවේ යුක්රේන ජාතික කපිතාන් ග්‍රෙනාඩ්ලි ගැව්රිලොෆ් ලබන 18 වන දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ගාල්ල මහේස්ත්‍රාත් නිලූපුලී ලංකාපුර අද නියෝග කළා.

ඒ, මීට අදාළ නඩුව අධිකරණයේදී විභාගයට ගත් අවස්ථාවේදියි.

යුක්රේන ජාතික කපිතාන්වරයා පසුගිය මස 24 වන දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් අතර පසුව ගාල්ල වරාය පොලීසිය භාරයේ තැබීමෙන් අනතුරුව ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළා.

එහිදී ගාල්ල මහේස්ත්‍රාත්වරිය නියෝග කළේ ඇවන්ගාඩ් නෞකාවේ කපිතාන්වරයා අද දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි.

මේ අතර, අද නඩුව විභාගයට ගත් අවස්ථාවේදී ගාල්ල මහේස්ත්‍රාත්වරිය නියෝග කළේ ඇවන්ගාඩ් නෞකාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා ගාල්ල වරායේ තවදුරටත් නැංගුරම්ලා තබන ලෙසයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories