Update: නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම රිමාන්ඩ්

Tuesday, 05 July 2016 - 14:11

Update%3A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA++%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B7%92%E0%B6%AD+%E0%B6%AD%E0%B7%99%E0%B7%80%E0%B6%BB%E0%B6%B4%E0%B7%8A%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B7%94%E0%B6%B8+%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A
මතුගම - මීගහතැන්න ප්‍රාථමික විද්‍යාලයට අයුතු ලෙස ඇතුල් වීමේ චෝදනා ලැබූ නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම ඇතුළු 4 දෙනෙකු අනිද්දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

ඒ, අද පස්වරුවේ අත්අඩංගුවට ගත් එම පිරිස මතුගම මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

මීගහතැන්න ප්‍රාථමික විද්‍යාලයේ පළමු ශ්‍රේණිය සඳහා ළමයින් දස දෙනෙකු ඇතුළත් කර නොගැනීමට විරෝධය පළ කරමින් නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මතුගම කලාප අධ්‍යාපන කාර්යාලය ඉදිරිපිට උපවාසයක් ආරම්භ කළේ පසුගිය මස 27 වනදායි.

පසුව එම දරුවන්ගේ මව්පියන්ද එම උපවාසයට එක්වුණා.

පසුගිය 30 වනදා මීගහතැන්න ප්‍රාථමික විද්‍යාලයට ඇතුළු වූ නියෝජ්‍ය අමාත්‍යවරයා විදුහල්පතිවරයාගේ නිල කාමරයේදී සිය දිවි හානි කර ගැනීමටද උත්සාහ කළා.

නියෝජ්‍ය අමාත්‍යවරයා ඇතුලු පිරිස ආරම්භ කළ උපවාසය අවසන් කළේ අදාළ දරුවන් එම විද්‍යාලයට ඇතුළත් කර ගන්නා බවට විදුහල්පතිවරයා දුන් පොරොන්දුවකට අනුවයි.

පසුව හදිසියේ රෝගී වූ නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රතිකාර සඳහා කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කෙරුණා.

මේ අතර නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ මැදිහත්විමෙන් මතුගම මීගහතැන්න විද්‍යාලයට පසුගියදා ඇතුළත් කෙරුණු දරුවන් දස දෙනාගේ මව්වරුන් මීගහතැන්න පොලිසිය අද අත්අඩංගුවට ගත්තා.

Tuesday, 05 July 2016- 21.32
---------------------------------------------------------------------

මතුගම - මීගහතැන්න විද්‍යාලයට බලහත්කාරයෙන් ළමයින් රැගෙන ඇතුලූවීමේ චෝදනාව මත  ඔවුන්ගේ මව්වරුන් 9 දෙනෙකු අද මීගහතැන්න පොලීසිය අත්අඩංගුවට ගත්තා.

පසුව ඔවුන් මතුගම මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කළ අතර, එහිදී නියෝග කර තිබුණේ මෙම මව්වරුන් ලබන හත්වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමටයි.

අනතුරුව එම ස්ථානයට ගිය පාලිත තෙවරප්පෙරුම නියෝජ්‍ය අමාත්‍යවරයා සහ තවත් තුන් දෙනෙකු පොලීසියට භාරවීමෙන් පසු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සිසුන් පාසලට ඇතුළත් කරගන්නා ලෙස උපවාස කර පසුව ගෙළ වැළලාගැනීමට උත්සහ කිරීමෙන් අනතුරුව කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කළ  නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම අද වනවිටත් එහි ප්‍රතිකාර ලබමින් සිටියා.

කෙසේ වෙතත් අත්අඩංගුවට ගැනීම සැළවීමත්  සමඟ ඔහු රෝහලෙන් පිටවී මතුගම අධිකරණය වෙත පැමිණියේ මව්වරුන් වෙනුවට තමන් අත්අඩංගුවට ගත යුතු බව ප්‍රකාශ කරමින්.

එහෙත් ඒ වනවිටත් මව්වරුන් 9 දෙනා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබූ අතර, පසුව නියෝජ්‍ය අමාත්‍යවරයා මීගහතැන්න පොලීසිය වෙත පිටත්ව ගියා.  

පසුගිය දින කිහිපය පුරාම මීගහතැන්න විද්‍යාලයේ මෙම අර්බුදය කරලියට පැමිණියේ සිද්ධියේදී විදුහල්පතිවරයාට පහරදුන් බව පවසමින් ගුරුවරුන්ද විරෝධතා දැක්වීම  හේතුවෙන්.

ඒ අතරතුරයි අද  පාසලට ළමයින් රැගෙන ආ මව්වරුන් පොලීසිය අත්අඩංගුවට ගෙන තිබුණේ.



Tuesday, 05 July 2016- 18.40
-------------------------------------------------------------------

මතුගම - මීගහතැන්න විද්‍යාලයට බලහත්කාරයෙන් ළමයින් රැගෙන  ඒමේ චෝදනාව මත අද අත්අඩංගුවට ගත් මව්වරුන් 9 දෙනා ලබන 7 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ, මතුගම මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම විසින් පසුගියදා මෙම සිසුන් පාසලට ඇතුළත් කළේ දින කිහිපයක් පුරා පැවති උපවාසයකින් අනතුරුවයි.

Tuesday, 05 July 2016- 16.40
-------------------------------------------------------------------

නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම විසින් මතුගම - මීගහතැන්න විද්‍යාලයට පසුගිය දා ඇතුළත් කෙරුණු ළමයින් දස දෙනාගේ මව්වරුන් පොලීසිය අද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, පාසලට බලහත්කාරයෙන් ළමයින් රැගෙන ඒමේ චෝදනාව මතයි.

මොවුන් අද දිනයේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි මීගහතැන්න පොලීසිය සදහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories