ශ්‍රී ලාංකිකයන් හය දෙනෙකුගෙන් එක් අයෙකුට දීර්ඝ කාලීන රෝගයක්

Wednesday, 06 July 2016 - 14:39

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B7%8F%E0%B6%82%E0%B6%9A%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B6%BA+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B6%AF%E0%B7%93%E0%B6%BB%E0%B7%8A%E0%B6%9D+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B7%93%E0%B6%B1+%E0%B6%BB%E0%B7%9D%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
මෙරට පුද්ගලයන් හයදෙනෙකුගෙන් එක් අයෙක් කුමන හෝ දීර්ඝකාලීන රෝගයකින් පෙළෙන බව ජනලේඛණ හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ, ස්වයං ප්‍රකාශිත සෞඛ්‍ය පිළිබඳ ජාතික සමීක්ෂණ වාර්තාව පදනම් කරගනිමින්.

ඊයේ එළි දැක්වුණු එම වාර්තාවට අනුව මෙරට ජනගහණයෙන් සියයට 18 ක් දියවැඩියාව, අධි රුධිර පීඩනය, හෘදයාබාධ, පිළිකා, මානසික රෝග, රක්තවාතය වැනි දීර්ඝ කාලීන රෝගවලින් පෙළෙනවා.

වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයන් අතරින් සියයට 50 ක් එවැනි රෝගවලට ගොදුරුවී තිබීමද විශේෂත්වයක්.

වයස අවුරුදු 15 ට වඩා අඩු දරුවන් අතර කෙටිකාලීන රෝග ව්‍යාප්තිය වැඩිවී ඇති බවද ජනලේඛණ සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව කියා සිටියා.  


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories