පාරිභෝගිකයාට සහනයක්

Tuesday, 12 July 2016 - 16:41

%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%B7%E0%B7%9D%E0%B6%9C%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B7%8F%E0%B6%A7+%E0%B7%83%E0%B7%84%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
අත්‍යාවශ්‍ය භාණ්ඩ 15 ක් පාලන මිලක් යටතේ ලබාදීමට රජය තීරණය කර ඇතැයි මුදල් අමාත්‍ය රවී කරුණානායක අද ප්‍රකාශ කළා.

ඒ, මුදල් අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකදියි.

සීනි, පරිප්පු, අල, ළුෑණු, මිරිස්, සැමන්, මුං ඇට, කව්පි, හාල්මැස්සන්, කඩල, කොත්තමල්ලි, සෝයා, ෆාම්තෙල් මෙන්ම උම්බලකඩ සහ කරවල ඊට අයත්.  

එම මාධ්‍ය හමුවට එක්වූ කර්මාන්ත හා වානිජ කටයුතු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් කියා සිටියේ මෙතෙක් අත්‍යාවශ්‍ය භාණ්ඩ ලෙස නම් කර නොමැති භාණ්ඩ හෙට දිනයේ ගැසට් කිරීමට කටයුතු කරන බවයි.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories