ගෝඨාභයගේ හමුදා ආරක්ෂාවත් අඩු කරයි

Tuesday, 12 July 2016 - 18:23

%E0%B6%9C%E0%B7%9D%E0%B6%A8%E0%B7%8F%E0%B6%B7%E0%B6%BA%E0%B6%9C%E0%B7%9A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F+%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%8F%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B6%A9%E0%B7%94+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ ආරක්ෂාවට යොදවා සිටි යුද හමුදා භට පිරිස්වලින් කොටසක් ඉවත් කිරීමට ආරක්ෂක මණ්ඩලය තීරණය කර තිබෙනවා.

රටේ පවතින සාමකාමී වාතාවරණය සැළකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන ඇති බවයි යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

හමුදා සාමාජිකයින් 50 දෙනෙකුගේ ආරක්ෂාව මීට පෙර හිටපු ආරක්ෂක ලේකම්වරයාට ලබාදී තිබූ බවට වාර්තා පළවුණා.

කෙසේ වෙතත් ප්‍රභූ ආරක්ෂාව සඳහා පුහුණුව ලත් පොලිස් විශේෂ කාර්ය බලකායේ භට පිරිස් අද සිට හිටපු ආරක්ෂක ලේකම්වරයාගේ ආරක්ෂාවට ලබාදී ඇති බවයි යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories