දින තුනේ ඩෙංගු මර්දන මෙහෙයුම ඇරඹේ

Wednesday, 13 July 2016 - 12:19

%E0%B6%AF%E0%B7%92%E0%B6%B1+%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%9A+%E0%B6%A9%E0%B7%99%E0%B6%82%E0%B6%9C%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%8A%E0%B6%AF%E0%B6%B1+%E0%B6%B8%E0%B7%99%E0%B7%84%E0%B7%99%E0%B6%BA%E0%B7%94%E0%B6%B8+%E0%B6%87%E0%B6%BB%E0%B6%B9%E0%B7%9A
දිවයින පුරා අද සිට දින තුනක ඩෙංගු මර්දන වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කළේ පසුගිය කාලයේ දිවයිනට බලපෑ වැසි සහ ගංවතුර තත්ත්වය හේතුවෙන් ඩෙංගු රෝගීන්ගේ ව්‍යාප්තිය වැඩිවීම නිසා මෙම ඩෙංගු මර්දන වැඩසටහන ආරම්භ කළ බවයි.

මේ වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් 23,500 ක් වාර්තා වී තිබෙනවා. රෝගය වැළදීමෙන් මියගොස් ඇති පුද්ගලයින් සංඛ්‍යාව 40 ක්.

ඩෙංගු රෝගීන් වැඩි සංඛ්‍යාවක් වාර්තා වන්නේ බස්නාහිර පළාත සහ දකුණු පළාතේ ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලින්.

මෙම වැඩසටහන සදහා ජනාධිපති කාර්ය සාධන බලකාය, ත්‍රිවිධ හමුදාව සහ පොලිස් නිලධාරින්ගෙන් යුත් කණ්ඩායම් 750 ක් එක්වනවා.

දිස්ත්‍රික්ක 8 ක වෛද්‍ය නිලධාරි කොට්ඨාශ 60 ක් ආවරණය වන පරිදි මෙම ඩෙංගු මර්දන වැඩසටහන ක්‍රියාත්මක වනු ඇති.

ඩෙංගු මර්දන වැඩසටහනේ සමාරම්භය අද (13) පෙරවරුවේ මරදාන දුම්රියපොල පරිශ්‍රයෙන් ආරම්භ වුණා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories