කොළඹ ටවුන්හෝල් අවට දැඩි රථ වාහන තදබදයක්

Wednesday, 13 July 2016 - 12:41

%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9+%E0%B6%A7%E0%B7%80%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B7%84%E0%B7%9D%E0%B6%BD%E0%B7%8A+%E0%B6%85%E0%B7%80%E0%B6%A7+%E0%B6%AF%E0%B7%90%E0%B6%A9%E0%B7%92+%E0%B6%BB%E0%B6%AE+%E0%B7%80%E0%B7%8F%E0%B7%84%E0%B6%B1+%E0%B6%AD%E0%B6%AF%E0%B6%B6%E0%B6%AF%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය සහ විශ්වවිද්‍යාල අනධ්‍යයන වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව පවත්වන විරෝධතා නිසා කොළඹ නගරයේ මාර්ග කිහිපයක රථවාහන තදබදයක් හට ගෙන තිබෙනවා.

විශ්වවිද්‍යාල අනධ්‍යයන වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඉදිරිපිට මේ වනවිට විරෝධතාවක නිරත වන්නේ විශ්වවිද්‍යාල සහ ඊට සම්බන්ධ ආයතනයන්හි සේවයේ නිරත අනධ්‍යන කාර්ය මණ්ඩලයන්ට බලපාන වෘත්තීය ගැටලූ මුල් කරගෙනයි.

මේ නිසා වෝඩ් පෙදෙසට පිවිසෙන මාර්ගයේ රථ වාහන තදබදයක් පවතින බවයි හිරු වාර්තාකරු සදහන් කළේ.

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ පිටකොටුව බෝධිය ආසන්නයේ විරෝධතාවක නිරත වන්නේ මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට නීතිමය අවසරය ලබාදීමට ආණ්ඩුවේ සූදානම් වන බවට චෝදනා කරමින්.

මේ නිසා  ඕල්කට් මාවතේ රථ වාහන තදබදයක් හට ගෙන තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories