වයඹ සහ අනුරාධපුර කලාපවල මාස 6 ක් තුළ අලි 37 ක් මරුට

Wednesday, 13 July 2016 - 13:38

%E0%B7%80%E0%B6%BA%E0%B6%B9+%E0%B7%83%E0%B7%84+%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%BB%E0%B7%8F%E0%B6%B0%E0%B6%B4%E0%B7%94%E0%B6%BB+%E0%B6%9A%E0%B6%BD%E0%B7%8F%E0%B6%B4%E0%B7%80%E0%B6%BD+%E0%B6%B8%E0%B7%8F%E0%B7%83+6+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AD%E0%B7%94%E0%B7%85+%E0%B6%85%E0%B6%BD%E0%B7%92+37+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
වසරේ මුල් මාස 6 තුලදී වයඹ සහ අනුරාධපුර වනජිවි කලාප  තුළ පමණක් වනඅලි ඇතුන් 37 දෙනෙකු මියගොස් තිබෙනවා.

ඉන් වනඅලින් 15 දෙනෙකු පමණ මියගොස් ඇත්තේ වෙඩි තැබීමෙන් හා බදින තුවක්කු පත්තුවීමෙන් සිදුවූ බරපතල තුවාල නිසා බවයි එම කලාපය භාර පශු වෛද්‍ය චන්දන ජයසිංහ ප්‍රකාශ කළේ.

ඊට අමතරව, හක්කපටස් සහ වස  කැවීමට සැලැස්සවීමෙන් ද විදුලිසැර වද්දවා අලි ඇතුන් 18 දෙනෙකු ඝාතනය කර තිබෙනවා.

මේ අතර, වෙඩි වැදීමකින් මසකට වැඩි කාලයක් අනුරාධපුර - තුරුවිල - නෙල්ලිකුලම - පාලූකෝන්ගස් වැවේ සිටි වනඅලියා ද ඊයේ මියගියා. 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories