හසලක ගාමිණී දිවි පුදා අදට වසර 25 යි

Thursday, 14 July 2016 - 7:17

%E0%B7%84%E0%B7%83%E0%B6%BD%E0%B6%9A+%E0%B6%9C%E0%B7%8F%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%93++%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%92+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8F+%E0%B6%85%E0%B6%AF%E0%B6%A7+%E0%B7%80%E0%B7%83%E0%B6%BB+25+%E0%B6%BA%E0%B7%92
හසලක ගාමිණී හෙවත් ගාමිණී කුලරත්න රණවිරුවා අලිමංකඩ කඳවුර එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන්ගෙන් බේරා ගැනීමට ජීවිතය පූජා කර අදට වසර 25 ක් සපිරෙනවා.

ඒ වෙනුවෙන් හසලක නගරයේ ඉදිකර ඇති වීර ගාමිණී පිළිරුව අසළ අද විශේෂ උත්සවයක්ද සංවිධාන කර තිබෙනවා.

ඒ සංචාරක සංවර්ධන සහ ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍යාංශයේ ප්‍රධානත්වයෙන්.   

1966 වසරේ අගෝස්තු 22 වනදා හසලකදී උපත ලද ගාමිණී කුලරත්න ශ්‍රී ලංකා යුද හමුදාවට එක්වන්නේ 1986 වසරේදියි.

සිංහ රෙජිමේන්තුවේ හයවන බලකාය යටතේ ක්‍රියාන්විත රාජකාරියේ නිරතවූ ඔහු 1991 වසරේ අද වැනි දිනක අලිමංකඩ කඳවුර කොටින්ගෙන් මුදාගැනීම වෙනුවෙන් තම ජීවිතය පූජා කරන්නේ බෝම්බ අටවාගෙන ත්‍රස්තවාදීන් පැමිණි බුල්ඩෝසරයට බෝම්බ දෙකක් රැගෙන කඩාවැදී එය විනාශ කරමින්.

එදා ඔහු එම වීරක්‍රියාව නොකරන්නට අලිමංකඩ කඳවුරේ සිටි සියලූදෙනාගේ ජීවිත අවසන් වන්නට ඉඩ තිබුණා. ගාමිණී අලිමංකඩ කඳවුරේ ප්‍රධාන දොරටුවේ තිබූ බංකරයක සිටයි රට වෙනුවෙන් එම වීරක්‍රියාව සිදුකළේ.

‘‘ගාමිණී එපා.’’ යනුවෙන් තම අණදෙන නිලධාරීන් සහ රණවිරු සොයුරන් කෑගසද්දී රට වෙනුවෙන් ඔහු ජීවිතය පුද කළ එම කථාව ශ්‍රී ලාංකීය ජාතික විරුවන්ගේ ඉතිහාසයේ නොමැකෙන අකුරෙන් ලියවුණා.

පරම වීර විභූෂණ සම්මානයෙන්ද පසුව පිදුම් ලැබූ හසලක ගාමිණී අලිමංකඩ සටනේ වීරයා ලෙසයි හැඳින්වෙන්නේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories