ආබාධිත රණවිරුවන් පිරිසක් උපවාසයක

Thursday, 14 July 2016 - 7:35

%E0%B6%86%E0%B6%B6%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%AD+%E0%B6%BB%E0%B6%AB%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B6%8B%E0%B6%B4%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B6%BA%E0%B6%9A
විශ්‍රාමික ආබාධිත රණවිරුවන් පිරිසක් ඊයේ මාලිගාවත්ත විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව ඉදිරිපිට උපවාසයක නිරතවුණා.

ඒ, පොරොන්දු වූ පරිදි විශ්‍රාමික ආබාධිත රණවිරුවන්ට සේවා විශ්‍රාම වැටුප ලබාදෙන ලෙස බලකරමින්.

උපවාසයේ යෙදී සිටි අදාළ රණවිරුවන් හට විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව තුළට යාමට අවසර නොලැබීමත් සමඟ උණුසුම් තත්ත්වයක්ද ඇතිවුණා.

පසුව එම පිරිසෙන් පස් දෙනෙකුට පමණක් විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල්වරයා හමුවීමට අවස්ථාව හිමිවූ අතර, එහෙත් තම ගැටලූවට නිසි විසඳුමක් නොලැබුණු බවයි හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් උපවාසය ආරම්භ කළ රණවිරුවන් සඳහන් කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories