වැට් පනත් කෙටුම්පතට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය උසාවි යයි

Thursday, 14 July 2016 - 12:38

%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%8A+%E0%B6%B4%E0%B6%B1%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%99%E0%B6%A7%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92%E0%B7%80+%E0%B6%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B6%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0+%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA+%E0%B6%8B%E0%B7%83%E0%B7%8F%E0%B7%80%E0%B7%92+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත තුනෙන් දෙකේ ඡන්දයකින් සම්මත කරගැනීම සඳහා අවස්ථාව ලබාදෙන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබෙනවා.

ඒකාබද්ධ විපක්ෂය විසින් ගොනු කර ඇති මෙම පෙත්සමේ දක්වා ඇත්තේ පසුගිය අයවැය ලේඛනයේ සඳහන් ක්‍රමවේදය මෙම පනත් කෙටුම්පතේ සඳහන් නොවන බවයි.

අයවැය ලේඛනය තුනෙන් දෙකක ඡුන්දයෙන් සම්මත වූ බැවින් මෙම පනත් කෙටුම්පතද තුනෙන් දෙකේ ඡුන්දයෙන් සම්මත කළ යුතු බවයි ඒකාබද්ධ විපක්ෂය සඳහන් කළේ.  

මැයි මස 2 වනදා සිට ක්‍රියාත්මක වූ වැට් සංශෝධනය සහ ජාතිය ගොඩනැගීමේ බද්ද අත්හිටුවමින් පසුගිය 11 වනදා ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කරනු ලැබුවා.

ඒ, වැට් බද්ද පැනවීමේදී අදාළ පනත් කෙටුම්පත සම්මත කරගැනීමට  පෙර අදාළ බද්ද පනවා ඇති බවට ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් 5 ක් සළකා බැලීමෙන් පසුවයි.

වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත සම්මත කරගැනීමත් සමඟ අතුරු තහනම බල රහිත වන බව ද ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දුන්නා.

ඒ අනුව අදාළ පනත් කෙටුම්පත දෙවන වර කියවීම ලබන 20 වනදා සිදු කර එදිනම ඡන්ද විමසීම පැවැත්වීමටයි නියමිතව තිබුනේ.

මේ අතර, අද (14) පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය හමුවට එක්වූ මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන කියා සිටියේ අදාළ පෙත්සම විභාග කර අවසන් වනතුරු වැට් බදු සංශෝධනයට අදාළ පනත් කෙටුම්පත සම්මත කර නොගන්නා බවයි.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories