ජලයට වස දමා සතුන් මැරූ දෙදෙනෙකු අත්අඩංගුවට

Thursday, 14 July 2016 - 14:20

%E0%B6%A2%E0%B6%BD%E0%B6%BA%E0%B6%A7+%E0%B7%80%E0%B7%83+%E0%B6%AF%E0%B6%B8%E0%B7%8F+%E0%B7%83%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%90%E0%B6%BB%E0%B7%96+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
හම්බන්තොට ප්‍රදේශයට බලපා ඇති වියලි කාලගුණ තත්ත්වයත් සමඟ සිඳී ගිය කුඩා වැව්වලට වස දමා ජලය බීම සඳහා පැමිණෙන වන සතුන්ට උගුල් අටවන පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

හම්බන්තොට - ගොන්නොරු පාරේ හතරේ කණුව ප්‍රදේශයේ රක්ෂිතයකදී අද මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

රක්ෂිතවල සිටින මුවන් වැඩි වශයෙන් මෙලෙස වස දී ඝාතනය කර ඇති බවටයි වාර්තාවන්නේ.

දීර්ඝ කාලයක් පුරා මොවුන් මෙම ජාවාරමේ නිරතවී ඇති අතර, කතරගම වන්දනාවේ පැමිණෙන බැතිමතුන්ට විකිණීමේ අරමුණින් ඔවුන් මෙම සතුන් ඝාතනය කර තිබෙනවා. 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories