අනියම් පෙමින් උපන් බිළිඳාට කල අපරාධය

Thursday, 14 July 2016 - 14:43

%E0%B6%85%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B4%E0%B7%99%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%8B%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B6%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%B3%E0%B7%8F%E0%B6%A7+%E0%B6%9A%E0%B6%BD+%E0%B6%85%E0%B6%B4%E0%B6%BB%E0%B7%8F%E0%B6%B0%E0%B6%BA
උපන් අවස්ථාවේදීම බිළිඳකු ඝාතනය කර වැසිකිළි වලකට දැමු කාන්තාවක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අද දහවල් පේරාදෙණිය පොලිසිය විසින් අත්අඩංගුවට ගත් මෙම කාන්තාවට අවුරුදු 12 ක සහ 8 ක දරුවන් දෙදෙනෙකු ද වන බවයි අප වාර්තාකරු සඳහන් කලේ.

තමාට දරුවකු ලැබීමට සිටින බව සැමියාට මෙන්ම පවුල් සෞඛ්‍ය සේවිකාවට ද මෙම සැකකාරිය වසන්කර ඇතැයි අනාවරණ වී තිබෙනවා.

බස් හිමියකු වන තම සැමියා යාපනය ප්‍රදේශයට කුලී ගමනක් ගොස් සිටියදී අදාළ කාන්තාව පසුගිය 11 වනදා නිවසේදී දරුවා බිහිකරු වැසිකිළි වලට දමා ඇති බවටයි හෙළිවී ඇත්තේ.

අධික රුධිර වහනය හේතුවෙන් රෝහලට ඇතුලත්වී ඇති කාන්තාව පොලිසියට සඳහන් කර ඇත්තේ ප්‍රසුතියේදී දරුවා මියගොස් සිටි බැවින් සිරුර වැසිකිළි වලට දැමු බවයි.

අනියම් සම්බන්ධතාවක් හේතුවෙන් සැකකාරියට මෙම දරුවා ලැබෙන්නට ඇති බවට පොලිසිය සැක පළකරනවා.

බිළිඳු සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතයි.





ඡායාරූප - මහනුවර කමල් සුරවීර


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories