Update : පදවියේ බඹර ප්‍රහාරයකින් සිසුන් 55 ක් රෝහලේ

Thursday, 14 July 2016 - 14:56

Update+%3A+%E0%B6%B4%E0%B6%AF%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B6%E0%B6%B9%E0%B6%BB+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+55+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%9A
අනුරාධපුර - පදවි - ශ්‍රී පුර ජයන්ති මහා විද්‍යාලයේ සිසුන් පිරිසකට එල්ල වූ බඹර ප්‍රහාරයෙන් තුවාල ලැබූ සිසුන් 55 දෙනෙකු මේ වනවිට පදවිය මූලික රෝහලේ ප්‍රතිකාර ලබනවා.

අද (14) දහවල් එම විද්‍යාලයේ ප්‍රධාන ශාලාවේ නාට්‍යය පුහුණුවීමේ වැඩසටහනක් පවත්වා ඇති අතර, ඒ ආසන්නයේ ඇති ගසක තිබූ බඹර කූඩුවක් ඇවිස්සීමෙනුයි සිසුන් මෙම බඹර ප්‍රහාරයට ලක්ව ඇත්තේ.

එහිදී තුවාල ලැබූ සිසුන් ශ්‍රී පුර ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී මූලික ප්‍රතිකාර ලබාදීමෙන් අනතුරුව ඔවුන් පදවි මූලික රෝහලට මාරු කර යවා තිබෙනවා.

ඔවුන්ගෙන් තුන්දෙනෙකු හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කර ඇති අතර, අනෙකුත් සිසුන් සාමාන්‍ය වාට්ටුවල නේවාසිකව ප්‍රතිකාර ලබනවා.

ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බවයි රෝහල් ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සදහන් කළේ.

---------------------------------------------------------------

අනුරාධපුර - පදවිය - ශ්‍රී පුර ජයන්ති මහා විද්‍යාලයේ 60 කට ආසන්න සිසුන් පිරිසක් බඹර ප්‍රහාරයකට ලක්ව  රෝහල් ගත කර තිබෙනවා.

රෝහල් ගත කළ පිරිසෙන් වැඩි දෙනෙකු ගැහැණු ළමයින් බවයි හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී ශ්‍රී පුර රෝහල් අධ්‍යක්ෂවරයා සදහන් කළේ.

පාසලේ පැවති උත්සවයක් අතරතුර ඔවුන් මෙලෙස බඹර ප්‍රහාරයකට ලක්ව ඇති බව සදහන්.

කෙසේ වෙතත් රෝහල් ගතකළ සිසුන්ගේ තත්ත්වය බරපතල නොවන බවයි රෝහල් අධ්‍යක්ෂවරයා සදහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories