කාලගුණය වෙනස් වෙයි

Friday, 15 July 2016 - 8:47

%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B6%9C%E0%B7%94%E0%B6%AB%E0%B6%BA+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%83%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ඉදිරි දින කිහිපයේදී වැසි වැඩි වීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

විශේෂයෙන් මධ්‍යම කඳුකර ප්‍රදේශවල සහ නැගෙනහිර පළාතේ වැසි වැඩිවිය හැකි බවයි දෙපාර්තමේන්තුව නිවේදනය කලේ.

ලබන 18 වනදා දක්වා මෙම තත්වය පවතිනු ඇති.

එමෙන්ම බස්නාහිර / සබරගමුව / මධ්‍යම සහ වයඹ පළාත්වල මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි වර්ධනය වනවා.

සෙසු ප්‍රදේශවල සවස 2 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි වර්ධනය වනවා.

ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කලේ.

මේ අතර කොළඹ සිට පුත්තලම සහ මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා සහ පොතුවිල් සිට හම්බන්තොට හරහා මාතර දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළං වේගය පැයට කිලෝමීටර් 50 දක්වා ඉහළ යාමේ හැකියාවක් පවතිනවා.

එබැවින් එම මුහුදු ප්‍රදේශ තරමක් රලුවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කලේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories