අන්තරේ කැඳවුම්කරුට ඇප

Friday, 15 July 2016 - 12:10

%E0%B6%85%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB%E0%B7%99%E0%B7%8A+%E0%B6%9A%E0%B7%90%E0%B6%B3%E0%B7%80%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B6%A7+%E0%B6%87%E0%B6%B4
අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්කරු ලහිරු වීරසේකර අද (15) ඇප මත මුදා හැරුණා.

ඒ ඔහු කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

ඒ අනුව රුපියල් 7500 ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 03 ක ශරීර ඇප මත ඔහු මුදාහැරීමටයි කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න නියෝග කළේ.

අධිකරණ නියෝග කඩකරමින් විරෝධතාවක් සංවිධාන කිරීම සම්බන්ධයෙන් වන චෝදනාවකටයි ඔහු පසුගිය 8 වනදා අත්අඩංගුවට ගනු ලැබුවේ.

මීට අමතරව ඔහු සමඟ තවත් තිදෙනෙකුට ඇප ලබාදීමට අධිකරණය අද පියවර ගත්තා.

මහේස්ත්‍රාත්වරිය මෙහිදී නියෝග කළේ අදාළ සැකකරුවන් හතර දෙනා ඇප මත මුදාහැර ඇති බැවින් නීතිය කඩනොකරමින් ඉදිරියට කටයුතු කළ යුතු බවයි.

නඩුව වැඩිදුර විභාගය ලබන මස 05 වනදා දක්වා කල් තැබුණා.

අද දිනයේ මෙම නඩුව කැදවන අවස්ථාවේදී සිවිල් සංවිධාන ක්‍රියාකාරින් මෙන්ම, දේශපාලන පක්ෂ කිහිපයක නියෝජිතයින් එම ස්ථානයට පැමිණ සිටි බවයි එහි සිටින හිරු වාර්තාකරු සදහන් කළේ. 



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories