සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට ගොස් ඉන්දීය සිසුන් දෙදෙනෙකු දියේ ගිලී මියයයි

Friday, 15 July 2016 - 13:09

%E0%B7%83%E0%B7%99%E0%B6%BD%E0%B7%8A%E0%B7%86%E0%B7%92+%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%9C%E0%B7%9C%E0%B7%83%E0%B7%8A+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9C%E0%B7%92%E0%B6%BD%E0%B7%93+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ රාම්පූර් ප්‍රදේශයේදී කෝසි ගංගාව අසබඩ සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට උත්සාහ කළ සිසුන් දෙදෙනෙකු ගගට වැටී දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

විනෝද චාරිකාවකට පැමිණි සිසුන් පිරිසක් අතර සිටි සිසුන් දෙදෙනෙකු මෙම අනතුරට මුහුණදී ඇති බව සදහන්.

ඔවුන්ගේ සිරුරු සොයා ගැනීම සදහා ජීවිතාරක්ෂක කණ්ඩායම්වලට පැය කිහිපයක් ගත වුණා.

සෙල්ෆි ඡායාරූප ගැනීමට ගොස් සිදුවූ අනතුරු රැසක් පසුගිය කාලය තුළ ඉන්දියාවෙන් වාර්තා වූ අතර, මුම්බායි පොලිසිය නගරයේ සෙල්ෆි ඡායාරූප  තහනම්  කලාප 15 ක් ද නම් කර තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories