ඉන්දු - කාශ්මීරයේ මාධ්‍ය මර්ධනයක්

Sunday, 17 July 2016 - 9:54

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94+-+%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B7%8A%E0%B6%B8%E0%B7%93%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B8%E0%B7%8F%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B8%E0%B6%BB%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
ඉන්දියාවේ පාලනය යටතේ පවතින කාශ්මීර ප්‍රාන්තයේ ප්‍රධාන පෙළේ පුවත්පත් රැසක් ඉන්දීය පොලීසිය විසින් සෝදිසි කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කළා.

එමඟින් සිකුරාදා මැදියම් රැයේ මුද්‍රණය කිරීමට නියමිතව තිබූ පුවත්පත්වල මුද්‍රණ තහඩු රැගෙන ගොස් ඇති අතර, කාශ්මීරයේ කේබල් රූපවාහිනී සේවාවක්ද අත්හිටුවා තිබෙනවා.

කාශ්මීර බෙදුම්වාදී නායකුයෙකු වන බුර්හාන් වානි ඉන්දීය ආරක්ෂක අංශවල වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්වීමෙන් පසු හටගත් කළහකාරී තත්ත්වය පාලනය කිරීමට ඉන්දීය පොලීසිය මෙතෙක් සමත්වී නැහැ.

කාශ්මීර ගැටුම් වලින් පුද්ගලයන් 40 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්වූ අතර, තවත් 1500 ක් පමණ තුවාල ලැබුවා.

කාශ්මීරයේ ඇතැම් ප්‍රදේශවල තවදුරටත් ඇඳිරිනීතිය ක්‍රියාත්මක වන අතර, ජංගම දුරකථන සහ අන්තර්ජාල භාවිතයටද සීමාවන් පනවා තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories