නිදහස් පක්ෂ සංවිධායකවරුන් කොළඹට

Sunday, 17 July 2016 - 12:06

%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B7%92%E0%B6%B0%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9%E0%B6%A7
ශ්‍රිී ලංකා නිදහස් පක්ෂයේ සියලූම සංවිධායකවරුන් ලබන සතිය තුළ කොළඹට කැදවා තිබෙනවා.

ඒ අගය මත එකතු කළ බද්ද හෙවත් වැට් බද්ද සංශෝධනය කිරීම සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමග සාකච්ඡා කිරීමටයි.

ලබන අගහරුවාදා පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී වැට් බද්ද සංශෝධනය කිරීම සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරුන් හමුවීමට ද තීරණය කර තිබෙනවා.

නිදහස් සන්ධානයේ මහලේකම් අමාත්‍ය, මහින්ද අමරවීර හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී කියා සිටියේ ජනාධිපතිවරයා සමග ඇමතිවරුන්ගේ හමුව පැවැත්වීමෙන් අනතුරුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායකවරුන්ගේ හමුව සිදුවන බවයි.

එහිදී වැට් බදු සංශෝධනයට අමතරව, පක්ෂයේ ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ද සාකච්ඡා කරන බවයි ඇමතිවරයා වැඩිදුරටත් සදහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories