පාකිස්ථාන සමාජ ජාල වෙබ් රැජිනගේ ඝාතකයා අත්අඩංගුවට

Sunday, 17 July 2016 - 13:11

%E0%B6%B4%E0%B7%8F%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1+%E0%B7%83%E0%B6%B8%E0%B7%8F%E0%B6%A2+%E0%B6%A2%E0%B7%8F%E0%B6%BD+%E0%B7%80%E0%B7%99%E0%B6%B6%E0%B7%8A+%E0%B6%BB%E0%B7%90%E0%B6%A2%E0%B7%92%E0%B6%B1%E0%B6%9C%E0%B7%9A+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%9A%E0%B6%BA%E0%B7%8F+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
පාකිස්ථානයේ සාම්ප්‍රදායක කාන්තා ප්‍රතිරූපයට නව අරුතක් එක් කිරීමට උත්සාහ කළ කන්ඞීල් බලොච් නැමති 26 හැවිරිදි තරුණිය, ඝාතනය කළ  ඇගේ සොහොයුරා පාකිස්ථාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

25 හැවිරිදි වසීම් බලොච් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මධ්‍යම පාකිස්ථානයේ දේරා- ගාසි - ඛාන් ප්‍රදේශයේදීයි.

විප්ලවකාරී සෙල්ෆි ඡායාරූප හේතුවෙන් සාමාජජාල වෙබ් අඩවිවල ජනප්‍රිය වූ ඇය සිය පවුලට අගෞරවයක් කර ඇති බව පවසමින් සහෝදරයා මෙම ඝාතනය සිදුකර ඇති බව සඳහන්.

ඇය මුස්ලිම් පූජකවරයෙකු සමග ගනු ලැබූ සෙල්ෆි ඡායාරූපය ද ඉමහත් ආන්දෝලනයකට ලක්වූවක්.

තමා සෙහොයුරිය ඝාතනය කරන බව ඇය නොදැන සිටි බවත්, ඇය වෙත පෙත්තක් ලබාදී පසුව ගෙළ සිරකර ඝාතනය කළ බවත්, වසීම් බලොච් පාපොච්චාරණය කර තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories