විපක්ෂ නායක සහ හිටපු රදගුරු හිමියන් අතර හමුවක්

Monday, 18 July 2016 - 12:59

%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B7%83%E0%B7%84+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%BB%E0%B6%AF%E0%B6%9C%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
වර්තමානය වනවිට නීතිය ස්වාධීනව ක්‍රියාත්මක වන බවත්, එය අඛන්ඩව ඉදිරියට ගෙන යාම ජනාධිපතිවරයාගේ වගකීම බවත් දෙමළ ජාතික සන්ධානයේ නායක, විපක්ෂ නායක ආර්. සම්බන්ධන් පවසනවා.

මන්නාරම හිටපු රදගුරු රායප්පු ජෝෂප් හිමිපාණන් බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ.

විපක්ෂ නායක ආර්. සම්බන්ධන් ඇතුලූ දෙමළ සන්ධානයේ නියෝජිතයින් පිරිසක් මන්නාරම රදගුරු නිවස වෙත පැමිණියේ අසනීප තත්ත්වයෙන් පසුවන හිටපු රදගුරු රායප්පු ජෝසප් හිමිපාණන්ගේ සුවදුක් විමසීම සඳහායි.

එහිදී වත්මන් දේශපාලන තත්ත්වය මෙන්ම නව ව්‍යවස්ථාව සහ ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ වත්මන් තත්ත්වය පිළිබඳවද සාකච්ඡා වී තිබෙනවා. 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories