කසක්ස්ථානයේ ප්‍රහාරයකින් පොලිස් නිලධාරීන් තුන්දෙනෙකු මරුට

Monday, 18 July 2016 - 15:14

%E0%B6%9A%E0%B7%83%E0%B6%9A%E0%B7%8A%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
කසක්ස්ථානයේ වාණිජ අගනගරය වන අල්මාටි හිදී පුද්ගලයෙකු එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් පොලිස් නිලධාරීන් තුන්දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

27 හැවිරිදි ප්‍රහාරකයා අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහුගේ සහායකයා පළා ගොස් ඇති බවයි රුසියානු ඉන්ටර්ෆැක්ස් ප්‍රවෘත්ති සේවය සදහන් කළේ.

මුස්ලිම් බහුතරයක් වෙසෙන කසක්ස්ථානයේ අන්තවාදීන් ප්‍රහාරය පිටුපස සිටින බවට චෝදනා එල්ල වනවා.

මීට මාසයකට පෙර වයඹදිග කසක්ස්ථානයේ අක්ටෝබේ නුවර හමුදා කදවුරකට එල්ල වූ ප්‍රහාරයකින් සෙබලූන් 7 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර ප්‍රති ප්‍රහාරයෙන් සන්නද්ධ සාමාජිකයන් 18 දෙනෙකු මිය ගියා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories