අගමැති අද සිංගප්පූරුවේ ශ්‍රී ලාංකිකයන් සහ ව්‍යාපාරිකයින් හමුවේ

Tuesday, 19 July 2016 - 7:38

%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%85%E0%B6%AF+%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B6%9C%E0%B6%B4%E0%B7%8A%E0%B6%B4%E0%B7%96%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B7%8F%E0%B6%82%E0%B6%9A%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%84+%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%9A
මේ වසර අවසන්වීමට ප්‍රථම ඉන්දු - ශ්‍රී ලංකා ආර්ථික සහ තාක්ෂණික සහයෝගීතා ගිවිසුම හෙවත් එට්කා ගිවිසුමට අත්සන් තබන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.

අග්‍රාමාත්‍යවරයා මේ බව සදහන් කළේ සිංගප්පූරුවේ රැෆල්ස් නාගරික සම්මන්ත්‍රණ කේන්ද්‍රයේදී ඊයේ පැවති දකුණු ආසියානු ඩයස්පෝරා සමුළුවේ ආරම්භක සැසිවාරය මුඛ්‍ය දේශනය අමතමින්.

කලාපීය ගිවිසුම් මගින් ලබන වසර වන විට දකුණු ආසියාවේ දක්ෂිණ උප කලාපයට සහ සිංගප්පූරුවට ත්‍රෛපාක්ෂික සැලැස්මකට එක්වීමට හැකි වනු ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ එහිදී ප්‍රකාශ කළා.

ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව අතර නිදහස් වෙළඳ ගිවිසුමක් සකස් කිරීම ඇතුළු අවබෝධතා ගිවිසුම් 5කට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ සිංගප්පූරු අග්‍රාමාත්‍ය ලී ෂියැං ලූං ඊයේ අත්සන් තැබුවා.

ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව අතර නිදහස් වෙළඳ ගිවිසුමක් සකස් කිරීම සදහා කටයුතු ආරම්භ කිරීමේ එකඟතා ප්‍රකාශයට අත්සන් තැබුවේ සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම සහ සිංගප්පූරුවේ වෙළඳ සහ කර්මාන්ත අමාත්‍ය එස්. ඊශ්වරන්.

බස්නාහිර මෙගා පොලිස් සංවර්ධන ක්‍රියාවලිය සඳහා වූ අවබෝධතා ගිවිසුමට මෙගා පොලිස් අමාත්‍යාංශ ලේකම් නිහාල් රූපසිංහ සහ සිංගප්පූරු ජාත්‍යන්තර ව්‍යවසාය ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ටැන් සූන් කිම් අත්සන් තැබුවා.

මේ අතර, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද දිනයේදී සිංගප්පූරුවේ සිටින ශ්‍රී ලාංකික ජන කොටස සහ එරට ව්‍යාපාරික ප්‍රජාව මුණ ගැසීමට නියමිතයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories