පොදු ප්‍රවාහනය ජනතා හිතකාමී විය යුතුයි

Tuesday, 19 July 2016 - 7:50

%E0%B6%B4%E0%B7%9C%E0%B6%AF%E0%B7%94+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B7%8F%E0%B7%84%E0%B6%B1%E0%B6%BA+%E0%B6%A2%E0%B6%B1%E0%B6%AD%E0%B7%8F+%E0%B7%84%E0%B7%92%E0%B6%AD%E0%B6%9A%E0%B7%8F%E0%B6%B8%E0%B7%93+%E0%B7%80%E0%B7%92%E0%B6%BA+%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94%E0%B6%BA%E0%B7%92
පොදු ප්‍රවාහන සේවාව මගී ජනතාව සතුටට හා තෘප්තිමත්භාවයට පත් කරන සේවාවක් බවට පත් කිරීම අත්‍යවශ්‍ය බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.

මහනුවර - කුණ්ඩසාලේ ප්‍රදේශයේ ඊයේ පස්වරුවේ පැවැති පොදු මගී ප්‍රවාහන සේවය කාර්යයක්ෂම කිරීම සඳහා හදුන්වා දෙන ‘‘සහසර නියමු’’ ව්‍යාපෘතියේ සමාරම්භක උත්සවයට එක්වෙමිනුයි ජනාධිපතිවරයා මේ බව අවධාරණය කළේ.

නව ව්‍යාපෘතිය හඳුන්වා දීමට සමගාමීව බස් රථයේ ප්‍රදර්ශනය කරනු ලබන සහසර නාම පුවරුව විවෘත කිරීම ද ජනපති අතින් එහිදී සිදුවුණා.

සහසර පෙර ගෙවුම් කාඞ්පත මගින් ජනාධිපතිවරයා පළමු ප්‍රවේශ පත්‍රය ලබාගත් අතර, අනතුරුව උපාය මාර්ගික ව්‍යවසාය කළමණාකරන ආයතනයේ සභාපතිවරයා විසින් ව්‍යාපෘති වාර්තාව ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීම සිදුවුණා.

මෙහිදී මගී ප්‍රවේශපත්‍ර නිකුත් කරන යන්ත්‍ර සහ සහසර නිළ ඇදුම් කට්ටල බස් සහයකයින් වෙත සංකේතාත්මකව පිිරිනැමීම ද ජනාධිපතිවරයා අතින් සිදුවීම විශේෂත්වයක්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories