උතුරු කොරියාව තවත් මිසයිල අත්හදා බැලීමක

Tuesday, 19 July 2016 - 8:30

%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%BA%E0%B7%92%E0%B6%BD+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B7%84%E0%B6%AF%E0%B7%8F+%E0%B6%B6%E0%B7%90%E0%B6%BD%E0%B7%93%E0%B6%B8%E0%B6%9A
උතුරු කොරියාව තවත් බැලිස්ටික් මිසයිල 3ක් අද ජපාන මුහුදට එල්ල කර ඇති බව දකුණු කොරියානු ආරක්ෂක අංශ ප්‍රකාශ කළා.

උතුරු කොරියාවේ බටහිර පිහිටි හොවංජු නගරයේ සිට එල්ල කළ ස්කඞ් ආකාරයේ මෙම මිසයිල කිලෝමීටර් 500ක් හෝ 600ක් තරම් දුරට ගමන් කර තිබෙනවා.

ඒ අනුව එම මිසයිල දකුණු කොරියාව වෙත ප්‍රහාරයක් සඳහා යොදා ගත හැකි ඒවායි.

උතුරු කොරියාව මෙම මිසයිල අත්හදා බැලීම සිදුකර ඇත්තේ දකුණු කොරියාවේ මිසයිල නාශක පද්ධතියක් ස්ථාපිත කරන බවට ඇමරිකාව ප්‍රකාශ කර තිබියදියි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories