ශ්‍රී ලංකාවේ වරාය සංවර්ධනය, පුළුල් කරණය, නවීකරණය සහ තාක්ෂණික යාවත්කාලීනය සඳහා දායකත්වය ලබාදීමට සිංගප්පූරු වරාය අධිකාරීය තීරණය කර තිබෙනවා.
සිංගප්පූරුවේ නිළ සංචාරයක නිරත අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඊයේ පස්වරුවේ සිංගප්පූරු වරාය පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා.
එහිදී අදහස් දක්වමින් එහි දකුණු ආසියානු කලාපීය ප්‍රධාන විධායක නිලධාරී ඔං කිම් පොං සඳහන් කළේ විශේෂයෙන් කොළඹ වරායේ නැගෙනහිර බහාලූම් පර්යන්තය නවීකරණය කිරීම සඳහා තමන් දැනටමත් අධ්‍යයනයක් සිදුකර ඇති බවයි.
දකුණු ඉන්දියාවේ වරාය සමඟ ඒකාබද්ධව කටයුතු කළ යුතු බවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඊයේ පැවැති තුන්වන දකුණු ආසියා ඩයස්පෝරා සමුළුවේදී කළ ප්‍රකාශය සම්බන්ධයෙන් මෙහිදී ප්‍රසාදය පළ වුණා.
සිංගප්පූරු වරාය අධිකාරියේ දකුණු ආසියානු කලාපීය ප්‍රධාන විධායක නිලධාරී ඔං කිම් පොං කියා සිටියේ ශීී‍්‍ර ලංකාවේ භූගෝලීය පිහිටීමේ වාසිය උපරිම ලෙස ලබා ගැනීම සඳහා මෙම එක්වීම ප්රතිඵලදායී වනු ඇති බවයි.
මේ අතර, තුන්දින නිළ සංචාරයකට එක්ව සිටින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද දිනයේදී සිංගප්පූරුවේ සිටින ශ්‍රී ලාංකික ජන කොටස සහ එරට ව්‍යාපාරික ප්‍රජාව ද මුණ ගැසීමට නියමිතයි.

Follow US
Most Viewed Stories