ඇමතිවරු තුන්දෙනෙක් යාපනය සරසවියට

Tuesday, 19 July 2016 - 13:00

%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B7%94+%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B6%B1%E0%B6%BA+%E0%B7%83%E0%B6%BB%E0%B7%83%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B6%A7
යාපනය සරසවියේ තත්ත්වය පිළිබඳ සොයා බැලීම සඳහා අමාත්‍යවරුන් තුන්දෙනෙකු අද යාපනයට ගොස් සිටිනවා.

බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, නැවත පදිංචි කිරීම් සහ හින්දු ආගමික කටයුතු අමාත්‍ය ඩී.එම්. ස්වාමිනාදන්, ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන සහ ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා එම සංචාරයට එක්වූ බවයි හිරු යාපනය වාර්තාකරු සදහන් කළේ.

ඔවුන් මේ වන විට විශ්වවිද්‍යාලයේ පාලන අධිකාරිය සමඟ සාකච්ඡාවකට එක්ව සිටින බවයි වාර්තා වන්නේ.

යාපනය සරසවියේ නවක සිසුන් පිළිගැනීමේ උත්සවයේදී ඇති වූ සිද්ධිය හෙළා දකිමින් රජය ඊයේ නිවේදනයක් නිකුත් කළා.

මේ අතර, යාපනය සරසවියේ ඇති වූ සිද්ධිය ඇතැමුන් නැවතත් ජාතිවාදය මතු කිරීම සඳහා යොදා ගන්නා බවට පෙරටුගාමී සමාජවාදී පක්ෂය චෝදනා කරනවා.

කොළඹ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික දුමින්ද නාගමුව මේ බව සදහන් කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories