බස් රථයක් ගිනිගෙන සංචාරකයන් 26 දෙනෙකු මරුට

Tuesday, 19 July 2016 - 13:34

%E0%B6%B6%E0%B7%83%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AE%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B7%83%E0%B6%82%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+26+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
තායිවානයේ ටා ඕයුවාන් නගරයේදී සංචාරක බස් රථයක් ගිනි ගැනීමට ලක්වීමෙන් චීන සංචාරකයන් 24 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

බස් රථයේ රියදුරා සහ මඟ පෙන්වන්නා ද මෙහිදී මිය ගොස් ඇති අතර කිසිවෙකුට දිවි ගලවා ගැනීමට නොහැකි වී ඇති බව විදෙස් වාර්තා සදහන් කළා.

ඊසානදිග චීනයේ ඩාලියෑන් ප්‍රදේශයෙන් පැමිණි මෙම චීන සංචාරකයින් පිරිස නැවත සිය ගම්බිම්  බලා යාම සඳහා ගුවන් තොටුපළ වෙත පැමිණෙන විටයි බස් රථය ගිනි ගැනීමට ලක්වී ඇත්තේ.

බස් රථය ගිනි ගැනීමට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.  





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories