තමිල්නාඩු ධීවරයින් අඛණ්ඩ විරෝධතාවයකට සැරසේ

Wednesday, 20 July 2016 - 13:35

%E0%B6%AD%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B6%A9%E0%B7%94+%E0%B6%B0%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%9B%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B7%83%E0%B7%90%E0%B6%BB%E0%B7%83%E0%B7%9A
තමිල්නාඩු ධීවරයන් අනිද්දා සිට අඛණ්ඩ විරෝ්ධතා ව්‍යාපාරයක නිරතවීමට සූදානම් වනවා.

මෙරට අත්අඩංගුවට සිටින ඉන්දීය ධීවරයින් කඩිනමින් නිදහස් කිරීමට මැදිහත් වන ලෙස ඉන්දීය මධ්‍යම රජයට බල කරමින් මෙම විරෝධතාවය සිදුකරන බවයි තමිල්නාඩු ධීවර සංගම් පවසන්නේ.

ඊයේ එරට ධීවර සංගම් රාමේෂ්වරන් ප්‍රදේශයේදී රැස්වීමෙන් අනතුරුව මේ සම්බන්ධයෙන් වන යෝජනාව සම්මත කරගෙන තිබෙනවා.

දැනට මෙරට භාරයේ පසුවන ඉන්දීය ධීවරයන්ගේ සංඛ්‍යාව 73ක්. එසේම බෝට්ටු 103ක් ද ශ්‍රී ලංකාව භාරයේ පවතිනවා.

අප මේ සම්බන්ධයෙන් ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්.එම්.එම්.ආර්. අධිකාරිගෙන් කළ විමසීමකදී ඇය සදහන් කළේ මෙම ඉන්දීය ධීවරයින් නිදහස් කිරීමට ඉදිරියේදී කටයුතු කරන බවයි.

ඒ සම්බන්ධයෙන් වන ලිපිය මෙරට පිහිටි ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය වෙත දැනටමත් යවා ඇති බව ඇය කියා සිටියා.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාව භාරයේ පවතින ඉන්දීය ධීවරයින්ගේ යාත්‍රා සහ ආම්පන්න නිදහස් නොකරන බව එම ලිපිය මගින් තවදුරටත් දැනුම් දී තිබෙන බවයි අමාත්‍යාංශ ලේකම්වරිය සදහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories