ඩී වී උපුල්ට ඇමති ධුරය අහිමි වෙයි

Wednesday, 20 July 2016 - 14:26

%E0%B6%A9%E0%B7%93+%E0%B7%80%E0%B7%93+%E0%B6%8B%E0%B6%B4%E0%B7%94%E0%B6%BD%E0%B7%8A%E0%B6%A7+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%B0%E0%B7%94%E0%B6%BB%E0%B6%BA+%E0%B6%85%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
දකුණු පළාත් සභාවේ ධීවර, පශු සම්පත්, පරිසර, විදුලිබල හා ග්‍රාමීය කර්මාන්ත අමාත්‍යවරයා ලෙස එච්.ඩබ්ලිව්.ගුණසේන පත් කර තිබෙනවා.

ජනාධිපතිවරයා විසින් මෙම පත් කිරීම සිදුකර ඇති බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය සදහන් කළේ.

මීට පෙර මෙම අමාත්‍ය ධුරය හොබවනු ලැබුවේ දකුණු පළාත් සභා මන්ත්‍රී ඞී.වී උපුල් විසින්. 

කෙසේ වෙතත්, අද (20) පස්වරුවේ ගාල්ලේදී මාධ්‍ය හමුවක් කැදවූ හිටපු දකුණු පළාත් ධීවර අමාත්‍ය ඞී.වී. උපුල් ප්‍රකාශ කළේ තමන් ධුරයෙන් ඉවත් කළ බව තවමත් නොදන්නා බවයි.

එහෙත්, අමාත්‍ය ධුරයේ දිවුරුම්දීමෙන් අනතුරුව හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් දකුණු පළාතේ නව ධීවර ඇමති එච්.ඩබ්ලිව්.ගුණසේන කියා සිටියේ 1999 සිට පළාත් සභාව නියෝජනය කරන තමන්ට මෙම තනතුර හිමිවිය යුතුව තිබුණේ මීට පෙර සිට බවයි.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories