27 මැදියම් රැයේ සිට තහනමක්

Wednesday, 20 July 2016 - 15:45

27+%E0%B6%B8%E0%B7%90%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B6%B8%E0%B7%8A+%E0%B6%BB%E0%B7%90%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%A7+%E0%B6%AD%E0%B7%84%E0%B6%B1%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
ජූලි 27 වනදා මධ්‍යම රාත්‍රී 12 සිට උසස් පෙළ විභාගය අවසන් වනතුරු ඊට අදාළ උපකාරක පන්ති, දේශන, සම්මන්ත්‍රණ සහ වැඩමුළු පැවැත්වීම තහනම් බව විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

උසස් පෙළ විභාගය අවසන් වන අගෝස්තු 27 වනදා දක්වා එය ක්‍රියාත්මකයි.

අනුමාන ප්‍රශ්න පත්‍ර බෙදා හැරීම, මෙන්ම එවැනි කටයුතුවලට අදාළ පෝස්ටර්, අත්පත්‍රිකා, විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍ය මගින් ප්‍රසිද්ධ කිරීම ද තහනම් වන බවයි විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ පුෂ්පකුමාර සදහන් කළේ.

මෙම නියෝග කඩකරන අයෙකු වේ නම් ඒ පිළිබදව පොලිස් හදිසි ඇමතුම් අංශය, පොලිස්  මූලස්ථානය මෙන්ම, විභාග දෙපාර්තමේන්තුව ද දැනුවත් කළ හැකි බව ඔහු කියාසිටියා.

මේ අතර, උසස් පෙළ විභාග ප්‍රවේශ පත්‍ර සිසුන් වෙත ලබා නොදුන් විදුහල්පතිවරුන්ට ද විභාග දෙපාර්තමේන්තුව අනතුරු ඇගවීමක් කළා.

ඒ දෙමව්පියන්ගෙන් ඊට අදාළව ලැබුණු පැමිණිල්ලි සැලකිල්ලට ගෙනයි.

මෙතෙක් සිසුන්ට ප්‍රවේශපත්‍ර ලබා නොදුන් විදුහල්පතිවරුන් වහාම ඒවා ලබා දිය යුතු බවත්, එසේ කටයුතු නොකළහොත් විභාග පනත යටතේ දැඩි පියවර ගන්නා බවත් විභාග දෙපාර්තමේන්තුව සදහන් කරනවා. 



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories