රණවිරු සුබසාධනය ඉහළ නංවන්න

Thursday, 21 July 2016 - 7:46

%E0%B6%BB%E0%B6%AB%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%94+%E0%B7%83%E0%B7%94%E0%B6%B6%E0%B7%83%E0%B7%8F%E0%B6%B0%E0%B6%B1%E0%B6%BA+%E0%B6%89%E0%B7%84%E0%B7%85+%E0%B6%B1%E0%B6%82%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1
රණවිරුවන්ගේ සුබසාධනය වෙනුවෙන් ක්‍රියාත්මක සියලූ වැඩසටහන් ඉදිරියේදී වඩාත් පුළුල්ව ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ආරක්ෂක අමාත්‍යාංශයට උපදෙස් ලබාදී තිබෙනවා.

 ඒ, ඊයේ පස්වරුවේ පැවැති ආරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීමේදියි.

කොළඹ ආරක්ෂක මූලස්ථානයේ පැවැති මෙම රැස්වීමට ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා මෙන්ම ආරක්ෂක ලේකම්වරයා සහ ත්‍රිවිධ හමුදා ප්‍රධානීන් එක්ව සිටියා.

මෙහිදී ආරක්ෂක අමාත්‍යාංශයේ ඉදිරි වැඩ පිළිවෙල පිළිබඳ දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණු අතර රණවිරු නිවාස වැඩපිළිවෙල තවදුරටත් පුළුල් කරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් ලබාදී තිබෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories