පක්ෂ නායක රැස්වීමක් අද

Thursday, 21 July 2016 - 7:50

%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AF
පක්ෂ නායක රැස්වීමක් අද පස්වරුවේ පාර්ලිමේන්තුවේදී පැවැත්වෙනවා.

පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් නීල් ඉද්දවල සදහන් කළේ මෙම රැස්වීමේදී වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත විවාද කර සම්මත කර ගන්නා දිනය පිළිබඳව සාකච්ඡා කරන බවයි.

මෙම පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර ඇති පෙත්සම්වල තීන්දුව ද ලැබීමට නියමිත බව ද ඔහු සදහන් කළා.

වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත ඊයේ විවාදයට ගෙන සම්මත කර ගැනීමට නියමිතව තිබුණත් එය කල් දමනු ලැබුවේ අධිකරණය ඉදිරියේ එම කෙටුම්පත අභියෝගයට ලක් කර තිබූ බැවින්.

මේ අතර, අන්තර් ජාතික ක්‍රීඩා සංගම්වල නිල කාලයන්ට අනුව මෙරට ජාතික ක්‍රීඩා සංගම්වල නිල කාලය ක්‍රියාත්මක වන බව අමාත්‍ය දයාසිරි ජයසේකර පවසනවා.

ක්‍රීඩා පනතේ වගන්ති සංශෝධනය සම්බන්ධයෙන් ඊයේ පාර්ලිමේන්තුවේ පැවති විවාදයට එක්වෙමිනුයි ඔහු මේ බව සදහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories