සයිටම්, රාජ්‍ය - පෞද්ගලික ඒකාබද්ධ ආයතනයක් බවට පත් කිරීමට යෝජනා

Friday, 22 July 2016 - 7:02

%E0%B7%83%E0%B6%BA%E0%B7%92%E0%B6%A7%E0%B6%B8%E0%B7%8A%2C+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+-+%E0%B6%B4%E0%B7%9E%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B7%92%E0%B6%9A+%E0%B6%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B6%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0+%E0%B6%86%E0%B6%BA%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B6%E0%B7%80%E0%B6%A7+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F
මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය රාජ්‍ය සහ පෞද්ගලික ඒකාබද්ධ ආයතනයක් ලෙස පවත්වාගෙන යාමට යෝජනා වී තිබෙනවා.

රජයේ විශ්වවිද්‍යාල 07 ක වෛද්‍ය පීඨවල පීඨාධිපතිවරුන් උසස් අධ්‍යාපන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල සමඟ ඊයේ පැවති සාකච්ඡාවකදීයි මෙලෙස යෝජනා වී ඇත්තේ.

මේ සම්බන්ධයෙන් පීඨාධිපතිවරුන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සමඟද ඊයේ සාකච්ඡා කර තිබෙනවා.

මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය රජයේ සහ පෞද්ගලික ඒකාබද්ධ ආයතනයක් ලෙස එක් මණ්ඩලයක් යටතේ ක්‍රියාත්මක කිරීමටයි එහිදී යෝජනා වී ඇත්තේ.

ඒ අනුව එම වෛද්‍ය විද්‍යාලයේ කටයුතු රජයේ නියාමනයට ලක්වන අතර, එහි පරිපාලනය සහ ප්‍රමිතියද රජයේ වෛද්‍ය පීඨ මට්ටමට පවත්වාගෙන යාමට නියමිතයි.

එම යෝජනාවට අදාළ වාර්තාවක් සකස් කර ඉදිරියේදී වෛද්‍ය පීඨාධිපතිවරුන් විසින් රජයට භාරදීමට නියමිත බවයි උසස් අධ්‍යාපන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල සඳහන් කළේ.

මේ අතර, මෙම ක්‍රමවේදයට ඇතුළත්ව තවත් විදේශීය පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ශ්‍රී ලංකාව තුළ පිහිටුවීමට රජයේ අවධානය යොමු වී තිබෙනවා.

ඒ සඳහා ලොව ප්‍රධාන පෙලේ වෛද්‍ය විද්‍යාල කිහිපයක්ම ශ්‍රී ලංකාව තුළ ආයෝජනය කිරීමට කැමැත්තෙන් පසුවන බවයි කිරිඇල්ල අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories