අලව්වේදී මාරාන්තික අනතුරකින් පසු ප්‍රදේශවාසීන් බස් රියකට ගිනි තබයි

Friday, 22 July 2016 - 7:09

%E0%B6%85%E0%B6%BD%E0%B7%80%E0%B7%8A%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%83%E0%B7%94+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B6%E0%B7%83%E0%B7%8A+%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%92+%E0%B6%AD%E0%B6%B6%E0%B6%BA%E0%B7%92
අලව්ව - වාරියගොඩ ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථයක් ත්‍රීරෝද රථයක ගැටීමෙන් සිදුවු අනතුරෙන් ත්‍රීරෝද රථයේ රියදුරා මියයාමත් සමඟ කුපිත වූ පිරිසක් බස් රථයට පහරදී ගිනි තබා තිබෙනවා.

වාරියගොඩ ඉන්ධන පිරවුම්හලේ සිට ප්‍රධාන මාර්ගයට ධාවනය වූ ත්‍රීරෝද රථය වව්නියාව - කොළඹ පෞද්ගලික බස් රථයක ඊයේ පස්වරුවේ ගැටීමෙනුයි මෙම අනතුර සිදුව ඇත්තේ.

අනතුරෙන් පසු ප්‍රදේශවාසීන් ඊට විරෝධය පළ කරමින් තවත් බස් රථ කිහිපයකටද පහරදී ඇති බව සඳහන්.

මේ හේතුවෙන් අදාළ මාර්ගයේ ගමනාගමන කටයුතුවලටද බාධා එල්ල වුණා.

කෙසේ වෙතත්, පොලිසිය මැදිහත් වී තත්ත්වය පාලනය කළ බවයි ප්‍රදේශයේ හිරු වාර්තාකරු සඳහන් කළේ. බස් රථයේ රියදුරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories