බස් ගාස්තු වැඩිවෙන්නේ මෙහෙමයි

Friday, 22 July 2016 - 12:08

%E0%B6%B6%E0%B7%83%E0%B7%8A+%E0%B6%9C%E0%B7%8F%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A+%E0%B6%B8%E0%B7%99%E0%B7%84%E0%B7%99%E0%B6%B8%E0%B6%BA%E0%B7%92
බස් ගාස්තු සංශෝධනයට අදාළ නව සේවා ගාස්තු ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් දැන් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව අධිවේගී මාර්ග සහ අන්තර් පළාත් බස් සේවා ඇතුළු සියලූම පෞද්ගලික සහ ගමනාගමන මණ්ඩල බස් ගාස්තු සංශෝධනය වනු ඇති.

අගෝස්තු 01 වැනිදා සිට ක්‍රියාත්මක බස් ගාස්තු චක්‍රය මගින් අනුමත ප්‍රමාණයට වඩා මගීන්ගෙන් ගාස්තු අය කරන බස් ධාවකයන් පිළිබඳව දැඩිව ක්‍රියාකිරීමට සිදුවන බවයි ජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහන් කළේ.

නව ගාස්තු චක්‍රයට අනුව අධිවේගී මාර්ගයේ කඩුවෙල සිට මාතර දක්වා නව බස් ගාස්තුව රුපියල් 490 ක් වන අතර, මහරගම සිට ගාල්ල දක්වා ගාස්තුව රුපියල් 390 ක් වනු ඇති.

මහරගම සිට මාතර දක්වා අධිවේගී මාර්ගයේ නව බස් ගාස්තුව රුපියල් 470 ක් ලෙස නව ගාස්තු චක්‍රයේ දක්වා තිබෙනවා.

සියයට 06 ක බස් ගාස්තු සංශෝධනයට අනුව සාමාන්‍ය බස් ගමන් සඳහා අවම ගාස්තුව රුපියල් 09 ක් වන අතර, රුපියල් 15 ගාස්තුව රුපියල් 16 ක් ලෙසත්, රුපියල් 18 ගාස්තුව රුපියල් 20 ලෙසත් සංශෝධනය වනවා.

අන්තර් පළාත් බස් සේවා සඳහා කොළඹ - මහනුවර වායුසමනය කළ බස් සේවා ගාස්තුව රුපියල් 300 ක් ලෙස දක්වා තිබෙනවා.



   

  




Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories