ළමයින්ට සිදුවන අන්තර්ජාල අපරාධ ගැන පැමිණිලි කරන්න විශේෂ ක්‍රමවේදයක්

Friday, 22 July 2016 - 13:19

%E0%B7%85%E0%B6%B8%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B6%B1+%E0%B6%85%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B7%8F%E0%B6%BD+%E0%B6%85%E0%B6%B4%E0%B6%BB%E0%B7%8F%E0%B6%B0+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%92%E0%B6%BD%E0%B7%92+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
අන්තර්ජාලය සහ වෙනත් ජංගම දුරකතන අනිසි ලෙස පරිහරණය කිරීම හරහා ළමයින්ට ලිංගික වශයෙන් හෝ වෙනත් ආකාරවලින් හිංසා කිරීම පිළිබඳව පැමිණිලි කිරීමට පැය 24 පුරා ක්‍රියාත්මක වන දුරකතන අංකයක් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සිට හඳුන්වා දෙනු ලැබුවා.

077 322 00 32 යන දුරකතන අංකයට ඇමතීමෙන්, කෙටි පණිවුඩ එවීමෙන් හෝ වට්ස්ඇප්, වයිබර් ඔස්සේ පැමිණිලි ඉදිරිපත් කළ හැකි බවයි එහි සභාපතිනි ආචාර්ය නටාශා බාලේන්ද්‍ර කියා සිටියේ.

ඒ අනුව අද (22) දිනයේ සිට අගෝස්තු මස 22 වනදා දක්වා මෙම පැමිණිලි භාර ගැනීමට කටයුතු කරන බවයි ඇය තවදුරටත් සඳහන් කළේ.

එමෙන්ම, එන්.සී.පී.ඒ. සයිබර් යුනිට් ගිණුම හරහා ට්විටර්, ඉන්ස්ටග්‍රෑම්, ස්නැප් චැට් හරහා ද පැමිණිලි ඉදිරිපත් කළ හැකි බවයි ඇය සදහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories