බෝයාවේ නළයක් පිපිරී මුහුදෙන් බොර තෙල් සැපයුම නවතී

Sunday, 24 July 2016 - 6:45

%E0%B6%B6%E0%B7%9D%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%B1%E0%B7%85%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%93+%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B6%E0%B7%9C%E0%B6%BB+%E0%B6%AD%E0%B7%99%E0%B6%BD%E0%B7%8A+%E0%B7%83%E0%B7%90%E0%B6%B4%E0%B6%BA%E0%B7%94%E0%B6%B8+%E0%B6%B1%E0%B7%80%E0%B6%AD%E0%B7%93
මුතුරාජවෙල තෙල් ගබඩා පර්යන්ත සංකීර්ණයට මුහුදෙන් සැපයුම් සිදු කරන බෝයාවේ නළයක් පුපුරා යාම නිසා එම තෙල් සැපයුම් තාවකාලිකව අත්හිටුවා ඇති බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා.

එහි සභාපති සහ කළමනාකාර අධ්‍යක්‍ෂ ටී.ජී. ජයසිංහ හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ එම නළය අලූත්වැඩියා කිරීමේ කටයුතු අද අවසන් කිරීමට හැකිවනු ඇති බවයි.

බෝයාවේ නළය පිපිරීම  නිසා සිංගප්පූරුවෙන් පැමිණි නැවකින් බොරතෙල් ගොඩබෑම නතරවී තිබෙනවා.

කෙසේ නමුත් තෙල් හිඟයක් ඇතිවීමේ අවදානමක් නොමැති බවයි සංස්ථා සභාපතිවරයා අවධාරණය කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories