ශ්‍රමදානයට සහභාගී නොවු නිසා ඇතිවු ගැටලුව

Sunday, 24 July 2016 - 6:47

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B7%83%E0%B7%84%E0%B6%B7%E0%B7%8F%E0%B6%9C%E0%B7%93+%E0%B6%B1%E0%B7%9C%E0%B7%80%E0%B7%94+%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8F+%E0%B6%87%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B7%94+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B6%BD%E0%B7%94%E0%B7%80
ශ්‍රමදානයකට සහභාගි නොවූ බවට පවසමින් මුළු ගම්මානයකම විදුලි බලය කපා හැරීමේ පුවතක් හල්දුම්මුල්ලෙන් වාර්තා වුණා.

කෙසේ වෙතත් ඊට විරෝධය පළ කරමින් ගම්වැසියන් ගමට පිවිසීමට ඇති මාර්ගයද අවහිර කරමින් විරෝධතාවයේ නිරත වුණා.

පවුල් 25 ක් පමණ ජීවත්වන හල්දුම්මුල්ල - කොස්ගම - බදුලුදෙන ගම්මානයේ විදුලි අවශ්‍යතාවය සපයා ගන්නේ කුඩා ග්‍රාමීය විදුලි බලාගාරයක් මගින්.

ග්‍රාමීය විදුලිබලාගාර කමිටුවක් හරහා එහි කටයුතු පාලනය වෙනවා.

ගම්වාසීන් චෝදනා කරන්නේ මෙම කමිටුවේ උපදේශක ලෙස කටයුතු කරන පුද්ගයා ඒකාධිපති ස්වරූපයෙන් ගම්මානයේ විදුලි බලය පාලනය කරන බවයි.

අදාළ විදුලි බලාගාරයට යන මාර්ගය එළිපෙහෙළි කිරීමට ගම්වාසීන් නොපැමිණීම හේතුවෙන් පසුගිය සතිය පුරා ගම්මානයේ විදුලිය සිඳලීමට ඔහු කටයුතු කර තිබුණා.

එයින් අපහසුතාවට පත් ගම්වාසීන් ඊට විරෝධය පළ කළේ සදහා ගම්මානයට පිවිසෙන මාර්ගයද අවහිර කරමින්.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories