කබාලි බලා එන අතරමගදී තරුණයකු වාර්තාවක් තියයි

Sunday, 24 July 2016 - 11:19

%E0%B6%9A%E0%B6%B6%E0%B7%8F%E0%B6%BD%E0%B7%92+%E0%B6%B6%E0%B6%BD%E0%B7%8F+%E0%B6%91%E0%B6%B1+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB%E0%B6%B8%E0%B6%9C%E0%B6%AF%E0%B7%93+%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%94+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
ඉන්දියාවේ චෙන්නායි නුවර ආසන්න ප්‍රදේශයකදී සමුහ දුෂණයකට ලක්වීමට ගිය කාන්තාවක් බේරා ගැනීමට තරුණයකු සමත්වී තිබෙනවා.

ඔහු රජිනි ඛාන්ත්ගේ කබාලි චිත්‍රපටයේ පළමු දර්ශණය නරඹා පැමිණෙමින් සිටි අතරවාරයේදීයි මෙය සිදුවී ඇත්තේ.

තරුණයා නිවසට පැමිණෙන මාර්ගයේ පාලු ප්‍රදේශයකදී කාන්තාවක් හඩන ශබ්දයක් ඇසී තිබෙනවා.

ඔහු පොලිසියට ප්‍රකාශකර ඇත්තේ තමා පළමුව එම ශබ්දය සතෙකුගේ වන්නට ඇති බවට සැක සිතු බවයි.

එහෙත් දිගින් දිගටම ඇසෙන එම ශබ්දය පිළිබඳ විමසා බැලීමේදීයි කාන්තාවක් සමුහ දුෂණය කිරීමට පිරිසක් සුදානම්වන බව දැක ඇත්තේ.

මෙම තරුණයා දුටු වහාම අදාළ කාන්තාව උදව් ඉල්ලා කෑ ගසා තිබෙනවා.

පසුව ඔහු කෑගසමින් එම ස්ථානයට ගොස් ඇත්තේ කාන්තාව බේරා ගැනීමට උදව් ඉල්ලා කෑගසමින්.

ඔහු අදාළ ස්ථානයට ගිය විට කාන්තාව දුෂණය කිරීමට උත්සාහ කල පුද්ගලයන් තුන්දෙනෙකු ඔහුට පහරදී ඇතැයි සඳහන්.

එහි සිටි එක් පුද්ගලයකු මෙම තරුණයා ලණුවකින් ගැට ගසා දැමීමට ද උත්සාහ කර තිබෙනවා.

තරුණයාගේ කෑ ගැසීම දුටු කුලී රථ හිමියකු ද එම ස්ථානයට පැමිණීමේදී සැකකරුවන් පළාගොස් ඇති බවයි විදෙස් පුවත් සේවා සඳහන් කලේ.

එම තරුණයා ප්‍රකාශකර ඇත්තේ තමා සහ මිතුරන් අදාළ පුද්ගලයන් පිළිබඳ විමසිල්ලෙන් පසුවන බවයි.

සිද්ධියට අදාළව මෙතෙක් කිසිවකුත් අත්අඩංගුවට ගෙන නැහැ.

කබාලි චිත්‍රපටය නැරඹීමෙන් පසු එහි දර්ශණවල තිබු ඇතැම් සිදුවීම් තමාගේ මෙම වීර ක්‍රියාවට පසුබිම් වු බව ද ඔහු ප්‍රකාශකර තිබෙනවා.

එමෙන්ම ඔහු රජිනි ඛාන්ත්ගේ ප්‍රබල රසිකයකු බව ද සඳහන්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories