පුතුන් දෙදෙනාගේ පොලු පහරින් පිය සෙනෙහස නිමාවේ

Sunday, 24 July 2016 - 14:57

%E0%B6%B4%E0%B7%94%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%94+%E0%B6%B4%E0%B7%84%E0%B6%BB%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%BA+%E0%B7%83%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B7%84%E0%B7%83+%E0%B6%B1%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B7%80%E0%B7%9A
අනුරාධපුර - කැබිතිගොල්ලෑව ප්‍රදේශයේදී සිය පියාට පහර දී ඝාතනය කළ බවට සැක කෙරෙන පුතුන් දෙදෙනෙකු සොයා පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

පසුගිය 22 වන දා පවුල් ආරවුලක් හේතුවෙන් මෙම පහරදීම සිදුකර ඇති බවටයි වාර්තා වන්නේ.

පසුව පහරකෑමට ලක්වූ අදාළ පියා පදවිය රෝහලට ගොස් ප්‍රතිකාර ලබාගෙන ඇති අතර, ඔහු වෛද්‍යවරයාට පවසා ඇත්තේ යතුරුපැදි අනතුරකින් තමන්ට තුවාල වූ බවයි.

කෙසේ වෙතත්, නැවත රෝගී තත්ත්වයක් හේතුවෙන් ඔහු අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණු අතර පසුව ඊයේ රාත්‍රියේ ඔහු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

පශ්චාත් මරණ පරීක්ෂණයෙන් හෙළි වී ඇත්තේ හිසට වැදුණු තදබල පහරදීමක් හේතුවෙන් මෙම මරණය සිදුව ඇති බවටයි.

මෙලෙස ජීවිතක්ෂයට පත්වී ඇත්තේ පදවිය පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ 44 හැවිරිදි කොස්තාපල්වරයෙක්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories