එට්කා ගැන සාකච්ඡා කරන්න, ආණ්ඩුවෙන් විවෘත ආරාධනයක්

Wednesday, 27 July 2016 - 7:06

%E0%B6%91%E0%B6%A7%E0%B7%8A%E0%B6%9A%E0%B7%8F+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A1%E0%B7%8F+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%2C+%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%98%E0%B6%AD+%E0%B6%86%E0%B6%BB%E0%B7%8F%E0%B6%B0%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
යෝජිත ඉන්දු - ශ්‍රී ලංකා ආර්ථික සහ තාක්ෂණික සහයෝගීතා ගිවිසුම හෙවත් එට්කා ගිවිසුම මේ වසර  අවසානයේ අත්සන් කරන බව සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර  වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම පවසනවා.

කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා කියා සිටියේ ඊට අමතරව සිංගප්පූරුව සහ ශ්‍රී ලංකාව අතර නිදහස් වෙළඳ ගිවිසුම මේ වසර අග භාගයේදීත්, චීනය සමඟ වන ගිවිසුම ලබන වසරේ මාර්තු මාසයේදීත් අත්සන් කරන බවයි.

කෙසේ වෙතත් එට්කා ගිවිසුම පරාජය කිරීම සඳහා දේශපාලන පක්ෂ, වෘත්තිය සමිති භේදයකින් තොරව එක්ව කටයුතු කිරීම අවශ්‍ය බවයි ජාතික වෘත්තිය සමිති මධ්‍යස්ථානයේ සභාපති කේ.ඞී. ලාල්කාන්ත ප්‍රකාශ කළේ.

වැටුප් පහත දමන, රැකියා අහිමි කරන එට්කා පැරදවීමට පෙළ ගැසෙමු මැයෙන් එම මධ්‍යස්ථානය සිදුකරන අත්පත්‍රිකා දස ලක්ෂයක් බෙදාහැරීමේ වැඩසටහනේ සමාරම්භක අවස්ථාවට ඊයේ කොටුව දුම්රියපල ඉදිරිපිටදී එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවේදී සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර  වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම සහ පළාත් සභා හා පළාත්පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා එට්කා ගිවිසුම සම්බන්ධයෙන් එල්ල වන චෝදනාවලට පිළිතුරු ලබාදුන්නා.

ඔවුන් කියා සිටියේ එට්කා ගිවිසුමට විරෝධය පළ කරන කණ්ඩායම් මෙතෙක් රජය සමඟ ඒ පිළිබදව සාකච්ඡා කර නොමැති බවයි. සාකච්ඡා කර රටට සුදුසු අයුරින් ගිවිසුම අත්සන් කිරීම රජයේ අරමුණ බව ද ඔවුන් කියා සිටියා.

තැන තැන විරෝධතා නොපවත්වා ගිවිසුම ගැන සාකච්ඡා කිරීමට පැමිණෙන්නැයි ඔවුන් සියලු දේශපාලන පක්ෂවලින් ඉල්ලීමක් කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories