ඉසුරුපාය ඉදිරිපිට විරෝධතාවක්

Wednesday, 27 July 2016 - 13:18

%E0%B6%89%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%B4%E0%B7%8F%E0%B6%BA+%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
නව විදුහල්පති ශ්‍රේණිධාරීන්ට විධිමත් පත්වීම් ලබා නොදුන් බව පවසමින් ගුරු විදුහල්පති වෘත්තීය සමිති එකමුතුව අද (27) උදෑසන බත්තරමුල්ල ඉසුරුපායේ අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට නිහඩ විරෝධතාවයක නිරත වුණා.

මේ අතර ජාතික අධ්‍යාපන ආයතනයේ පාලක සභාවෙන් ඉවත් කළ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ හිටපු සභාපති ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වුණා.

එහිදී ඔහු කියා සිටියේ ජාතික අධ්‍යාපන ආයතනයේ නිලධාරීන් රටේ අධ්‍යාපන ප්‍රශ්ණ පිළිබඳව කිසිවක් නොදන්නා බවයි.

සාමූහික වගකීමෙන් බැහැරව කටයුතු කිරීම නිසා ජාතික අධ්‍යාපන ආයතනයේ පාලක සභාව විසුරුවා හරිනු ලැබූ බව අධ්‍යාපන අමාත්‍යාංශය ඊයේ නිවේදනය කළා.

අමාත්‍යාංශය සඳහන්  කළේ පාලක සභාවට පත් කළ පුද්ගලයන් එහි අපේක්ෂාවන් නිවැරදි අයුරින් ඉටු නොකළ බවයි.

අභ්‍යන්තර තොරතුරු අනාවරණ කරමින් ඇතැම් සාමාජිකයන් කටුයුතු කිරීම නිසා ජාතික අධ්‍යාපන ආයතනයේ පාලක සභාව විද්වතුන්ගේ දෝෂ දර්ශනයට ලක්වූ බවද එම අමාත්‍යාංශය සඳහන් කළේ ඉදිරියේදී නව පාලක සභාවක් පත් කරන බවට ප්‍රකාශ කරමින්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories