පෘථිවිය මෙන් තෙගුණයක් විශාල සුලිකුණාටුවක්

Thursday, 28 July 2016 - 10:02

%E0%B6%B4%E0%B7%98%E0%B6%AE%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B6%BA+%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%99%E0%B6%9C%E0%B7%94%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%8F%E0%B6%BD+%E0%B7%83%E0%B7%94%E0%B6%BD%E0%B7%92%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%8F%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
සෞරග්‍රහ මණ්ඩලයේ විශාලතම ග්‍රහයා වන බ්‍රහස්පති මතුපිට පිහිටා ඇති රතු ලපයේ ඇතිවී වී තිබෙන කාලගුණික වෙනස්කම් හේතුවෙන් එහි උණුසුම සෙල්සියස් අංශක 1500 දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් වාර්තා පවසනවා.

පෘථිවියේ සිට අධෝරක්ත  දුරේක්ෂවලින් නිරීක්ෂණය කළ හැකි මහ රතු ලපය ලෙස හැඳින්වෙන මෙම ප්‍රදේශය පෘථිවිය මෙන් තුන් ගුණයක් විශාලත්වයෙන් යුක්තයි.

මෙම ප්‍රදේශයේ නිරන්තරයෙන් ඇතිවන සුළි කුණාටු තත්ත්ව හේතුවෙන් එහි උනුසුම විටින් විට වෙනස් වන අතර මෙවර එහි දැඩි සුළි කුණාටු තත්වයක්  ඇති වී ඇති බවයි තාරකා විද්‍යාඥයන් සිදුකළ සමීක්ෂණයකින් හෙළිවී ඇත්තේ.

සිදුකරන ලද නිරීක්ෂණවලදී එම රතු ලපය ඇති ප්‍රදේශවල පිපිරීම් සහ අකුණු ගැසීම් ද වැඩි වශයෙන් සිදුවන බවට හෙළිවී තිබෙනවා.

චන්ද්‍රයා සහ සිකුරු හැරුණු කොට රාත්‍රි අහසේ දිප්තිමත්ම වස්තුව වන්නේ බ්‍රහස්පති ග්‍රහයායි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories